සිත තුල පෙම සඟවාsitha thula pema sangawaa

Sitha Thula Pema Sagawa

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සිඟිති නිරෝෂන්singithi nirooshan

Lyrics

සිත තුල පෙම සඟවා
ඔබ පිටුපා යනවා
මගේ සිත වැලපෙනවා
ඔබ හිමි නොවෙයි කියා //

ඔබ ගැන මා නොසිතුවත්
මා සිතුවේ ඔබ ගැනමයි
අහිමි වුනොත් ප්‍රිය ළඳුනේ
සැමදා මා ලොව තනිවේ

සිත තුල පෙම සඟවා ...//

පමා ඇයිද පෙම් පනිවිඩයේ
කියන්න මාගේ ආදරියේ
අහිමි වුනොත් මගේ පෙම්බරියේ
ජීවිතයෙන් මා සමුගන්නේ

සිත තුල පෙම සඟවා ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.