සිතා සිතා සිතා සිතා නුබව සිතාලාsithaa sithaa sithaa sithaa nubawa sithaalaa

Sitha Sitha Nubawa

Lyrics

සිතා සිතා සිතා සිතා නුබව සිතාලා
නුබව සිතාලා නුබ ගැනම සිතාලා සිතාලා
ගොතා ගොතා ගොතා ගොතා මාල ගොතාලා
මාල ගොතාලා මල් මාල ගොතාලා ගොතාලා

ගෙලේ බදින්නම් මාලෙ ගෙලේ බදින්නම්
ගෙලේ බදින්නම් මාලෙ ගෙලේ බදින්නම්
කුමාරියක් වගේ රකින්නම්
රාජ කුමාරියක් වගේ රකින්නම්

ඉරට හඳට හොරෙන් හොරෙන් 
ගහට කොලට හොරෙන් හොරෙන්
නගේ නුඹව බලන්න එන්නම්
අම්ම අප්ප නැතුව වරෙන්
කොළඹ හතේ යන්න වරෙන්
සාරි ඔසරි අරගන දෙන්නම්//

තෝඩු දමන්නම් කරට මාල දමන්නම්
මාල දමන්නම් කනේ තෝඩු දමන්නම්
ඇස් දෙක වගෙ නුඹව රකින්නම්
මගේ අස් දෙක වගෙ නුඹව රකින්නම්

නුඹ ගැන මම හිතල හිතල
ආදර කවි ලියල ලියල
ලිපියක් මම ලගදි එවන්නම් 
හොඳ නැකතක් හොයල බලලා
පෝයට මම එනව බලලා
සහේට මම කැන්දම් යන්නම්

තෝඩු දමන්නම් කරට මාල දමන්නම්
මාල දමන්නම් කනට තෝඩු දමන්නම්
ඇස් දෙක වගෙ නුඹ්ව රකින්නම්
මගේ ඇස් දෙක වගෙ නුඹව රකින්නම්

ගෙලේ බදින්නම් මාලේ ගෙලේ බදින්නම්
ගෙලේ බදින්නම් මාලේ ගෙලේ බදින්නම් 
කුමාරියක් වගෙ රකින්නම්
රාජ කුමාරියක් වගෙ රකින්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.