සිත ඔබට මුවාවී ඉකිබිදිනාsitha obata muwaawii ikibidhinaa

Sitha Obata Muwa Wela

Lyrics

සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප් ‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා

සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුවාවු දා ඉදලා

සිත ඔබට මුවාවී....

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවුවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
ඔබ ඇයට ලගා වු දා ඉදලා

සිත ඔබට මුවාවී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.