සිත ඔබ ගැන අසනාsitha oba gaena asanaa

Sitha Oba Gana Asana

Lyrics

සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා 
මතකෙට තුරුළු වෙලා..
ඔබ සමඟින් ගත කල දින සිහිකරලා 
තනියෙන් විදවමි මා..
මේ හිත මාගේ - සනසනු බෑනේ..
යලි පෙර වාගේ - ඔබ එන්නෑනේ..
හමුවන්නට ආයේ...

ගෙවෙනා දිනයක් පාසා..
ඔබමයි පැතුවේ සැමදා..
යලි නෑ එන්නේ ඔබ මා..
සොයා කිසිදා...

පෙර හැම දිනයේ ඔබ හමුවන්නට 
ඉවසුම් නැතිව ලදේ..
මඟ බලමින් සතුටින් සිටි තැන් අද
කදුලින් තෙමෙයි මගේ..
නොබලා යන රුව නොනැසී කටහඬ
මම අද ඉන්නේ කෙසේ..

ගෙවෙනා දිනයක් පාසා..

ඔය මුව තුරුලට ගත්විට මොහොතක
නෙත් දෙස බලා මගේ..
මතු හැම බවයෙම මගේම වනබව 
මතකද ඔබ කීදේ..
මහමෙර වාගේ දැනුනා ඒ දේ
මටනම් ඒ මොහොතේ...

ගෙවෙනා දිනයක් පාසා
ඔබමයි පැතුවේ සමදා..
යලි නෑ එන්නේ ඔබ මා
සොයා කිසිදා...

සිත ඔබ ගැන අසනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.