සිත නිදි නෑsitha nidhi nae

Sitha Nidi Na

Lyrics

සිත නිදි නෑ මගෙ ළඟ නෑ
ඔබ දුර ඈත ගියා
සිත දන්නෑ ඉවසුම් නෑ
ඔය හිත තාම හොයනවා
දුරක ඔබ  ඉගිලිලා...

හිතේ නවතින්න ඉඩක් මට නැද්ද 
එදා ඔබ කී කතා
වෙනතකට යන්න ගිහින් සැනසෙන්න
හිතුනෙ කොහොමද මෙදා
තනිව උහුලන්න බැරි දුකක් එක්ක
සදා මා තනිවෙලා...

ඔබේ ළග ඉන්න වරම් මට නැද්ද
හිත තවත් අහනවා...
මගේ නෙතුගාව කදුලු බිදු සේම
ඔයා තව ඉන්නවා...
ගියත් නුබ ඈත යලිත් එන දාක
මන් බලන් ඉන්නවා...

සිත නිදි නෑ මගෙ ළඟ නෑ…/

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.