Lyrics
සිත නතර වෙලා පෙර නොදුටු සිනාවේ//
කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ
ඔබට කොහොම මේ සිත බැඳුනේ
(මා දන් නෑ ප්‍රියේ...//)
නොදැක හිඳින එක මොහොතක් ගානේපාළුව මට දැනුණා
වෙනකෙකු හට නුඹ හිමිවෙයි කියලා
මේ හිත ලෝබ වුණා පොඩි දේට පවා හිත ලෝබ වුණා
මට මැව්ව ඔයා නොලැබෙයිද කියා
කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ
ඔබට කොහොම මේ සිත බැඳුනේ
(මා දන් නෑ ප්‍රියේ...//)
හීනයක් ද මේ කිසිදා ඉටු නොවෙනා ඔබ ගැන දකිනා
මායාවක් වගේ ඈ නෙතු අද්දර බැඳෙමින් එබිකම් කරනා
එක මොහොතකදී මගේ ළඟ නැවතී
හිත හොරෙන් අරන් මටවත් නොදැනී
කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ
ඔබට කොහොම මේ සිත බැඳුනේ
(මා දන් නෑ ප්‍රියේ...//)
සිත නතර වෙලා...