Lyrics
සිත කුරුටු ගා ඇන්ද කවියක
නුහුරු පද ගිලිහෙන්න ඉඩ දී
සිත බලා සිටියා ....
තෙලි තුඩට කඳුලැලි ඉනුවා //
කල්ප සපුරා පෙරුම් ඉහිලූ
තෙලි තුඩග වෑයමට රහසින් ....//
සිත පහුරු ගෑ අනග කවි පද
සිතට ඉහිලුම් නොදෙන දා ....
නුහුරු පද ගිලිහෙන්න ඉඩ දී
සිත බලා සිටියා .....
තෙලි තුඩට කඳුලැලි ඉනුවා .....
වදන් වැකකි හිඟ අරුත් සුන්වූ
බොල් කවකි සිත ශේෂ වූයේ ...//
නාඳුනන අරුතින් රිඳුනු ලැම
සිතට ඉහිලුම් නොදෙන දා ...
නුහුරු පද ගිලිනෙන ඉඩ දී
සිත බලා සිටියා
තෙලි තුඩට කඳුලැලි ඉනුවා .......