සිත ගාව මාsitha gaawa maa

Sitha Gawa Maa

Music:
දමිත අයෝද්‍යdhamitha ayoodhya
Lyrics:
චතුරංග දිල්ෂාන්chathuranga dhilshaan

Lyrics

සිත ගාව මා නැවතී එදා ඔබ ඉන්න මට ළං වෙලා
නෙතු හඬනවා ඔබ නෑ කියා මේ හිතද අද තනිවෙලා
අපේ පෙම් කතා බොඳ වී ගියා අපි අපිට හිමි නැති නිසා
එක්වෙන්න බෑ අපි දුර නිසා හිත් දෙකම දෙතැනක තියා
පාළුවේ මා දමාලා ඔයත් ගියදා මාව හැරදා
ජීවිතෙත් විඳවනවා මේ වේදනා බර වැඩි නිසා........

ඔබ ළඟින් උන්නු කාලයේ මා සිතින් පිදුව ආදරේ
යළි දෙන්න බෑනේ පෙර වාගේ තනිවෙලා ඉඳිමි ජීවිතේ
පාළුවේ මා දමාලා ඔයත් ගියදා මාව හැරදා
ජීවිතෙත් විඳවනවා මේ වේදනා බර වැඩි නිසා........

නෙතු පියන්න මගේ ජීවිතේ අවසරයිද මගේ ප්‍රේමියේ 
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබ එන්නේ නැද්ද ආදරියේ
පාළුවේ මා දමාලා ඔයත් ගියදා මාව හැරදා
ජීවිතෙත් විඳවනවා මේ වේදනා බර වැඩි නිසා........

සිත ගාව මා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.