සිත බැඳුණු ආදරේ කියාගනු බැරිsitha baendunu aadharee kiyaaganu baeri

Sitha Badunu Adare Kiya Ganu Bari

Lyrics

සිත බැඳුණු ආදරේ කියාගනු බැරි
සිත මා සුසුම් හෙලයි ඔබ පෙනි පෙනී
කවියක් වෙලාවත් එන්නට බැරී
ගීයෙන් ලියා මගෙ පෙම පවසමී //

දෙසවන් වසා ඔබ යයිදෝ සැකයි
කඳුලක් ගලා විත් දෙනුවන් තෙමයි //
ඒ කඳුළු මාගේ නොව ඔබගෙමයි
දැනුනොත් දුකක් ඔබ මට පෙම් කරයි 

සිත බැඳුණු....

හරි ලස්සනයි මගෙ හීන ලොවේ
ඔබ මං ලගින් රෑ හිටියා ප්‍රියේ //
අදවත් හිනාවී යනවද උදේ
ඉන්නම් බලාගෙන මල් මාවතේ

සිත බැඳුණු....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.