Lyrics
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නෑ ලතැවුලක් මගේ චන්දකින්නරාවියේ//
අස්වැන්න ගොඩ ගසා තිබු කමත වේලිලා
ගෙට ගන්න හිතක් නෑ එහි ගිහින් පේවිලා
මට ඇහෙන්න ගී නොගයම මද සුළඟේ පාවෙලා
ඇවිදින් කාහල්ල පුංචි කුරුළු හාමිලා
පිය මනිනවා නොවේ පා නැගෙයි මාවතේ
ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ
තව හිතන්න කිසිවක් විහඟුනි නෑ මගේ හිතේ
තොපිත් ඉගිලියන් අහසට නොසිට කෑපතේ