සිත අසනීපෙන්sitha asaniipen

Sitha Asaneepen

Lyrics

සිත අසනීපෙන් හිඳින වෙලේ
ගෙල රවටා ඔසුවකි බීවේ
සුව නොවනා ලෙඩ දුක් ගානේ
දිවි තෙරටයි අපි ලංවූයේ

සිත් ගැලපුනා නොවේ 
අඟ පසඟේ සෑහුමක් නැතේ
එනමුත් දරු දෙදෙනා වෙනුවෙන්
සැම දුක් ඉවසා ගෙන සිටියේ

දිවිමඟ කෙළවර ලංවේ
දින දින ඇගයුම වැඩි වේ
පෙර ඉවසුම මිණි මෙනි අගනා
අද සුව සැනසුම යළි උදාවුනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.