Lyrics
සිරිපා මලුවේ පියගැට පෙල මත
සඳ මෙන් දුටුවේ ඔබ පසලොස්වක
නැති මුත් බැලුවේ හිනැහී මා දෙස
සිත නැත සෙව්වෙ ඔබමයි සැම විට
මා ගැන මට අමතක වූවා වාගෙයි
සිතුවිලි සිත අවනත නැතුවා වාගෙයි
සංසාරේ හුරු සුවදක් දැනුනා වගෙයි
ඔබ හමු වෙන්නම මා මෙහි ආවා වගෙයි.
කිසිදා නොලැබූ මුද හැගුමක් වාගෙයි
මට හිමි දේ ඔබ ලග ඇතුවා වාගෙයි
පැතුමක සිතුවම් සිත ලග ඇදුනා වගෙයි
දැන් මට ඔබ නන් නැතුවම බැරුවා වගෙයි.