සිරිමා බෝ වැලි මළුවේsirimaa boo waeli maluwee

Sirima Bo Weli Maluwe

Lyrics

සිරිමා බෝ වැලි මළුවේ - දැල්වෙන සිළු පහන් සිලේ
මුණි කරුණා ගුණෙන් පිරී - සිත සැනහේ නිසංසලේ

නේරංජන නදී තෙරෙන් - හමන සීත සුළං රැළෙන්
සැලෙනා බෝ පත් අතරේ - සනරාමර රැස් වැතිරේ

මෙත් ගුණ පිරි නෙත් සඟලේ - නිවන් සුවය රැහැන් ඇදී
නටන පහන් වැටි එළියේ - ලොව්තුරු දම් රස මතුවේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.