සිරස නමාsirasa namaa

Sirasa Nama

Lyrics

සිරස නමා අයැද කමා
ඔබ නමදිමු ජේසු

දෙවි බව සුසිඟිති පූපෙක රඳවා 
ඔබ වෙත අප සැම කැඳවූ
ඒ දෙවි කුලයට ගැති අපි නගවා
ඔබ හද තුල අප රුඳවූ

පෙර මනු බව කුස තුළ මරි මවගේ
ඇගෙ එක මනු දෙවි දරු වූ
දින දින රස කැන් ගෙන අප දිවගේ
පව්  ලොව ගැළවුම් කරු වූ

ඇත ගත පරදන මෙම මහ රහසින්
අඟ පසඟින් පිරිපුන් වූ
ඔබ සිටි පිය අද හමු ඉර හඳ සේ
දොලොවට දෙවි රජඳුන් වූ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.