සිරකරුවෙක්sirakaruwek

Sirakaruwek

Music:
ඉරේෂ් වන්නකුකෝරාළireesh wannakukooraala
Lyrics:
ඉරේෂ් වන්නකුකෝරාළireesh wannakukooraala

Lyrics

සුරයක සිරවුණ සිරකරුවෙක්
ලංසු තැබූ පළතුරු බඳුනක්
තිරය වසා ඇති දිව්‍ය විමානේ
දොරකඩ යාදින්නක්...

විමානයෙන් බැස නොයන තුරා
දෑහින් දැක ගන්නේ කෝමා
(අපේ අඳෝනා වාවනු බැරි තැන
හඬා වැටෙනවද තිරය වසා...//)

පුස්කොළයේ තරු කට්ටි පනී
සෙනසුරු මාමා හරිම සැරයි
හඳයාගෙ කිරි ටික ගස් ගල් නාවා
සීයට තුට්ටු ගොඩක්...

ලලල්ල ලල් ලල් ලා ලලලා
ලාලා ලල් ලල ලලල්ලලා
ලලල්ල ලා ලල ලාලලලා
ලලල්ල ලා ලලලා

විමානයෙන් බැස...

පොලොව ඇදයි කොහොමද නටලා
කනප්පුවේ අන්ඩත් දිරලා
අනුමා කළු සුදු රූපවාහිනී 
දැන් දැන් ටිකක් ලෙඩක්...

වලව්වටත් පැලටත් රහසින්
ඉලව්වටත් ග්‍රහයෝ ඇවිදින්
යන්නම යන්නත් හිතුමතේට බෑ
තප්පරේට සිරිත...

විමානයෙන් බැස...

(ලලල්ල ලල් ලල් ලා ලලලා
ලාලා ලල් ලල ලලල්ලලා
ලලල්ල ලා ලල ලාලලලා
ලලල්ල ලා ලලලා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.