Lyrics
(මෑතින් බලාවී ඔබ මා දිහා
ඈතින් හොයාවී සසරේ පුරා.....//)
මතකයි නම් එදා මා ළඟින් ඔබ හිනැහුණා
අද නෑ ඔබ දන්නේ මා ළඟින් ඔබ එදා නම් හිනැහුණා
කව්රුන් දෙයිද ඔබ හට ආදරේ නෑ මං දන්නේ
හමුවේද මේ තරම් ඔබ හට ආදරේ......
සිරගත ප්‍රේමයේ රැඟුමන් මා කෙරේ
හැම තප්පරයකම යා කළා
උණූහුම් රාත්‍රියේ තෙරපෙන ආදරේ
විමසයි හද තුළින් කෝ ඔයා......
නුරා වශියෙන් මා වෙලී බැඳි උන්නේ ඔයා
නෙතින් නෙත යාවී මා පා වී හැඟුම්
කියා හුරතල් කතාවන් ඔබ ආදරෙන්
ගෙවූ ඒ හැම වතාවන් ඔබ ළං කරන්.....
මතකයි නම්.....
සුහුඹුල් ආදරේ හැඟුමන් මා හදේ
හැම හුස්මන් පුරා යා කළා
තහනම් වූ ඔබේ දෙනෙතේ හී සරේ
හද අවුලයි මා හිත දවා......
සරා පහසින් මුලා වී උමතුව මවා
කාලයන් වැය කළා මං සිහිනෙන් පවා
මාව පෑ වූ නුඹේ වූ රූ වරුණ
වසඟයට ගත්තා මා මුසපත් වෙලා.....