සිර ගෙයක් වෙලා ඇවිලෙයි හදවතේ ගින්දරsira geyak welaa aewileyi hadhawathee gindhara

Sira Geyak Wela Awilei Hadawathe

Lyrics

සිර ගෙයක් වෙලා ඇවිලෙයි හදවතේ ගින්දර
කුල ගෙයක් කඩා බිඳ දැම්මා ඔබේ වෛරය..
මට මලත් කමක් නැහැ නොමැරී පිදු සෙනේහස
මලගෙයක් වෙන්නෙපා පෙම්බර අපේ කූඩුව..
සිර ගෙයක් වෙලා ඇවිලෙයි හදවතේ ගින්දර..

මට වැරදුණ තැන් ඔබට වඩා මට තේරෙනවා..
මම ඇත්ත කියූවත් ඔයාට අමතක වෙනවා..
දුක හිතෙන නිසා ඔබ මා ගැන සැකෙන් බලනවා..
වාවන්න බැරිව එළි වෙනකල් කඳුළු හලනවා..
වාවන්න බැරිව එළි වෙනකල් කඳුළු හලනවා..

අඩ සඳක් වෙලා පෑයූවත් පුන්සඳ විතර..
මට ලස්සන නෑ දුන්නත් ඔබ හදත් සෙනෙහස..
පණ නසන්නෙපා ජීවත් වන හැම මොහොතක්ම..
පණ උනත් මගේ දෙන්නම් ඉල්ලුවොත් ඔබ හට..
පණ උනත් මගේ දෙන්නම් ඉල්ලුවොත් ඔබ හට..

සිර ගෙයක් වෙලා..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.