සිනිදු සේලsinidhu seela

Sinidu Sela (Diwas Helanu Mana)

Lyrics

සිනිදු සේල ගත පොරවා
රං ආභරණ ගෙල පවසා
සුර ලෝකෙන් කැන්දන් ආ
ළදක් වගෙයි……

ඈ සූරදුවක් වගෙයි
නීල නුවන් යුග රැඳි
අනුරාග බැල්ම ආලය වඩන
අහස් තල්ම බිමට බසින
දේව කුමරියේ 
සිහින රැජිණියේ……

රණ තිසරුන් ළමැද ඉපිද
පියා සලයි, මන්මත් කර
මට දිස්වෙන ඇගේ දසුන
කෙසේ වනන්නේ 
අගය කරන්නේ…….

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.