සිනිඳු දෙතොලින්sinindu dhetholin

Sinidu Detholin

Music:
ඉසුරු මෙනේරිපිටියisuru meneeripitiya
Lyrics:
ජනිත් ලක්ෂිතjanith lakshitha

Lyrics

සිනිඳු දෙතොලින් තෙපලනා 
වදනින් මුසපත් වෙලා 
සුමුදු සුලඟක දැවටෙනා 
රළු සිතුවම් මතු වෙනා    
බිඳුනු සිත මත විසිරෙනා 
ගෑ වත්සුනු තැවරෙනා 
මිලින ලොවකට යනෙන මා 
තවමත් නුඹ සොයනවා 

විඳිනු බෑ මෙවන් තව හීනයක් 
රකිමි මා වියෝවූ ප්‍රාණයක් 
නගනු බෑ විඳින රළ මෙන් සැනසුමන්
මිදෙනු බෑ නිම් හිම් නැති ලෝකයෙන්    

ගතවෙනා මළවුන්ගේ යාමයේ 
වැතිරී තිබුනු සේයාවන් මැවුනි 
කුළු මතින් දිය ඉකිබිඳිනා  
ඉහ ඉහලින් රන් අසිපත් යනු දකිමී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.