සිංහයන් අපි (ක්‍රිකට් සිංදුව 2019)sinhayan api (krikat sindhuwa 2019)

Sinhayan Api (Cricket Song 2019)

Music:
සංඛ දිනෙත්sankha dhineth
Lyrics:
වසන්ත මොරගොඩwasantha moragoda

Lyrics

සිත් බිඳුනාම දුක හිතුනාම 
කඳුලු වී මහා පොලොව තෙමන්නේ 
ලේ බිඳු වැටි මේ දෙරණ සිඹින්නේ 
මගේ කම අපේ කම රටේ කම 

පරාජය කරමු පරාජය සුරකිමු ලංකා අභිමානය
(වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි...//)     

රටේ අභිමන් මුළු ලෝකයෙ දිදුලන්න 
ජවය මදි නම් රටේ ජවයම ගන්න 
අපිට පුළුවන් ජය පවුරු බඳින්න 
හයියට ඉන්න ජවය නගන්න 
රට ගොඩ නංවන්න

(පරාජය කරමු පරාජය සුරකිමු ලංකා අභිමානය
වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි     
වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි...///)
වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.