Lyrics
රුදුරු ගිනි අවි අත දරා උන්
පින් බිමේ ණය ගෙවු පුතුන්
රට රකින එක උරුම කරගත්
දෙරණ සිප ගත් සිංහයන්...
යෝධ බල බැඳ කඩුලු හැම බිඳ
රුපු තෙදින් රණ බිම හොවා
හෙලූ දහ දිය ලක් ගැබේ හිස
යළිඳු නැගිටිනුවස් පොවා
මලානික හිරු නුඹ පලාහැර
සටන් වැද දිවි පුද කළා
ලෙයින් තෙත් උන තුන් හෙලේ
නුඹ නමින් කුල්මත් කළා...
රළ බිඳුනු සයුරේ සටන් වැද
සමුදුරේ සිසිලස හොවා
අහස් ගැබ උන් කලු වලා බිඳ
විකුම් මැද සුදු සලු එලා
ගිනි පුපුරු මැඩ සාමයේ ධජ
ලක් දෙරණෙ සතපා එලා
විරු පුතුනි නුඹ රටට ණය නැත
හෙලූ හැම කඳුලට පවා
විරු පුතුනි නුඹ මියැදුනේ නැත
වැටුන හැම කඳුලින් දොවා...