Lyrics
(මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා) //
එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි
සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා
(සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ)//
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
(කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ) //
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේ
සමනලයින් සේ පියඹූවත් එදා
ඔබ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
(හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා) //
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා