සිංහල අවුරුදු ආවා (දොඩම් කපාලා)sinhala awurudhu aawaa (dhodam kapaalaa)

Sinhala Awurudu Awa (Dodam Kapala)

Lyrics:
මහගමසේකරmahagamaseekara

Lyrics

සිංහල අවුරුදු ආවා... ආවා...
ගම හිනැහී රස වෙනවා
යෞවනියෝ පේළි සැදීලා
නටති ගයති විනෝදෙනී

(දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කළු)...//
(සේලේ ඇඳලා නෙරිය තියාලා)...//
මිදුලේ සක්මන් කරයි කළු

(දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කළු)...//

(දහසක් දීලා වළලු තනාලා)...//
දෑතේ අත ලා බලයි කළු
දහසක් දීලා.... දහසක් දීලා වළලු තනාලා
දෑතේ අත ලා බලයි කළු
දුනුකේ මල සේ
ආ....දුනුකේ මල සේ උළු ගෙයි ඇඳ පිට 
ඔළිද කෙළින සැටි බලන් කළු

(දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කළු)...///
සිංහල අවුරුදු ආවා... ආ...වා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.