සිංඤෝරේsinnooree

Singnore

Lyrics

ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලා
(ගමටම වැඩ කරලා සැමටම සෙත සදලා 
දුන්නත් ඉතින් එදා මානාප නැතුව මෙදා 
පැරදිලා අපේ මැතිතුමා.....//)

ගියපාර උඩින් දින්නේ මං මේ පාර ඇපත් නෑනේ බං
මොකද්ද කරපු වරද මං......

(සිංඤෝරේ සිංඤෝරේ....//)
ගිය දේ ගියාවේ පැරදුනේ මං නැතිවුණේ මං
උඹලට නම් මොකද ඉතින් 
(සිංඤෝරේ සිංඤෝරේ....//)
ලබන සැරේ අපි දෙමුකෝ වැඩේ.......

පාරට තාර දැම්මේ මං ගමටම ලයිට් දුන්නේ මං
ගේ දොර හදලා දුන්නේ මං ඔච්චර කරලත් ගමට
සැලකුවේ නෑනේ මුං මට මේවා හොඳ පාඩම් අපිට......

සිංඤෝරේ සිංඤෝරේ....

රාණි කමලා ඇරියා පිටරට බැංකු ණයත් දුන්නා ගොවියට
ඒ කරලත් කතිරේ නෑ මට නැති අය ඇති අය කෙරුවා
කාගෙත් දුක සැප බැලුවා මුං කළගුණ අමතක කෙරුවා......

සිංඤෝරේ සිංඤෝරේ....

යන්ඩ එන්ඩ වාහනයක් නෑ මගේ වටේ හිටපු බොඩි ගඩිලත් නෑ
අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ 
පත්තර වල මගේ විසතර නෑ ඉස්සර වගේ ටීවි එකෙත් නෑ
අනේ දැන් නම් මට ඉඳලා වැඩක් නෑ....

(සිංඤෝරේ සිංඤෝරේ....//) ගිය දේ ගියාවේ
පැජරෝ නෑ දැන් පිටරට සවාරි දැන් නෑ
එදා විඳපු සැප උඹලට තෙරෙන්නේ නෑ.....
(සිංඤෝරේ සිංඤෝරේ....//)
අනේ මට මේ මොකද වුණේ
(සිංඤෝරේ සිංඤෝරේ....//) ගිය දේ ගියාවේ
සම්තින්ග් නෑ දැන් කොමිස් එන්නේ නෑ
ගහපු ගැහිලි අහුවුණොතින් රටේත් ඉන්න නෑ
(සිංඤෝරේ සිංඤෝරේ....//)
ලබන සැරේ අපි දෙනවා වැඩේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.