සිංදු කියලා අපි හොයා ගත්තු සල්ලිsindhu kiyalaa api hoyaa gaththu salli

Sindu Kiyala Api Hoya

Lyrics

සිංදු කියලා අපි හොයා ගත්තු සල්ලි
අද කුඩු වෙනවා මල්ලි
පං මල්ලට දා ගත් පොඩි බඩු කෑලි 
ඇයි මිල වැඩි මුදලාලි
අපි කන හැටි ලිප වත් දන්නෑ නංගි
හිටියට අපි හිට් වී
සංගීතෙන් අපි හොදටම නසරානී
මේ කලාවේ හැටි

ආර්ථිකේ හරි දරුණුයි
අපේ අතමිට දැන් නම් ෆුල් සුද්දයි
රජයත් බඩු මිල උස්සයි
අපේ ගෙදර ගෑනී මට පුප්පයි
පොලියට ගෙන විශුවල් කෙරුවයි
ස්පොන්සව කපලා ටීවි එකේ යයි
කම්පැනියෙන් ගේමක් ඇද්දයි
අපි එයින් බේරුනේ වැද වැටිලයි
ඩී එන් ඒ ට් ‍රැක් එක කෙරුවයි
ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි
එෆ් එම් වල රශ් එක බෝමයි
එකෙන්නම් දිගටම ප්ලේ වෙයි
කපන මන්ඩලෙන් සිංදු කැපිලා යයි
අන්තිමේදි එ් ෆේස් බුක් විතරයි

සිංදු කියලා අපි...

මැටිත් නෙවේ සිටිත් නෙවේ මේක අපේ හැටි
විසිල් පාටි ඉතුරු අපිට කරපිංචා නැටි
ෆන්කි ලයිෆ් ඒත් ගමන් කරන්නේ වැටි වැටී
අපි වේලයි එක වේලයි වේලයි සම්බෝලයි රොටී
රෑ උනාම සාද පුංචි පුංචි පුතා බෝල නෑනේ
බොරු ආගම් බේද එන්න පුල්ලේ කිනම් පාද
සුකුරුත්තං මාල වලලු තෝඩු හවඩි අත කනකර 
කරකුට්ටං රෑට වැනිලා එද්දි මල්ලි ගෝරී
කුඩුපට්ටං ලෑලි ගෙදර නැ බොල මට බොන්ඩ වතුර
සංගීතෙන් ඉතුරු කරේ තුට්ටු දෙකයි කන්ඩ නැතුව
කෝම කලත් මේ කලාව අත් හරින්ඩ බෑ
අතේ සතේ නෙවෙයි හිතේ සතුට කියලා වැඩක් නෑ

සිංදු කියලා අපි...

දැම්මත් අපි ලොකු සද්දේ 
අපේ ගෙවල් වලින් යම යුද්දේ
අපේ රිද්මෙට කෙල්ලන් පැද්දේ
ඒ අය නැ මේ මට පෙම් බැන්දේ
ප්රාඩෝ පෙජරෝ නම් නෑනේ
අපි පාරේ ටැක්සි වල යන්නේ
මෙහෙමයි කොන්සට් වල වෙන්නේ
බට් ඔර්ගනයිසර් පොලු තිබ්බේ
අපි කාටද මේක කියන්නේ
දෙයියෝ ඇයිද අපිව නොබලන්නේ
අපි හිතේ දුකට සෙට් වෙන්නේ
රෑ වැනි වැනි ගෙදරට එන්නේ
ලංකාවේ මියුසික් පල් පට්ටයි
මට නම් මේ හැම දැන් තිත්තයි
බලදාරියනම් කියවයි
අන්තිමේදි නැති වෙන්නේ සංගීතෙයි
වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුණු වෙන්ඩ ඕනෑ නම්
වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුණු වෙන්ඩ ඕනෑ නම්
සිංදු නම් එපා//
සිංදු නම් එපා කෝම කෝම හරි කරපල්ලා බන් බිස්නස්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.