සිඳෙන තෙක් දියsindena thek dhiya

Sindena Thek Diya

Lyrics

සිඳෙන තෙක් දිය විල්තෙරේ
බලා උන් විල් ලිහිණියෙක්
කුඩා මසෙකු දුටු ඒ ඇසිල්ලේ
සිල් මුදා ඉගිලීයයි

ඉවසීම එය නම් අපි අපව රවටලා
ඉවසීම එය නම් අපි අපව රැවටිලා
අවි දැරූ අතකින් -  කුලුණු පිරි සිතකින්
සදාකාලික සමාවෙන් - සමුදීම ඉවසීමයි

වැඩෙන තෙක් සවි බල ගතේ 
අවි හෙලා කල් බල බලා 
ලද මොහොතකදි අනෙකා හෙලා
රණ ගොසින් හඬ නග නඟා


ඉවසීම එය නම් අපි අපව රවටලා
ඉවසීම එය නම් අපි අපව රැවටිලා
අවි දැරූ අතකින් -  කුලුණු පිරි සිතකින්
සදාකාලික සමාවෙන් - සමුදීම ඉවසීමයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.