Lyrics
සිනාසෙන්න මට අවසර දෙනු මැන
සිනාසෙන්න ආසයි
හඩන්න අවසර දෙනු මැන මා හට
හඩන්න මට ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි
අතීතයේ එක් දවසට හමුවී
අපි දෙඩුවා මතකයි
පුංචිම දේටත් විරසක වීලා
අපි හැඩුවා මතකයි
කියාගන්න බැරි දහසක් සිතුවිලි
සිත දෙඩුවා මතකයි .......
දුටුව පළමු දා වගේම තාමත්
හිතට ඔබව සොඳුරයි
ඔබ ළඟ ඇත්නම් නිතර දකින්නට
මගේ ලොවම සොඳුරුයි
ගෙවන අදට වැඩියෙන් එළඹෙන හෙට
දවස අපේ සොඳුරුයි .........