සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේsinaasenna baenee obee suwanda naenee

Sinasenna Bene

Lyrics

හැගුම් මත් කලා ඉනුරා දෑසේ මායා
නැගු මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ //

නිල්වන් ගැබේහි සඳ හැංගුනාසේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපෙද ආයේ
හද රැදුන සිහිනේ බොඳවේද මාගේ
හදවිලම සනසන්න දුක මාගෙ නිවාලා
සිනාසෙන්න බෑනේ //

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලුනානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ
මුණගැහුන තැන තාම මම ඉන්නවා
සිනාසෙන්න බෑනේ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.