Lyrics
සිනාසෙන නිසාදෝ ඔබ හා
වෙනසක් නැති දෙනෙතින්
සිතුවේ සතුටින් සිටිතැයි මා
අහිතක් නැති විලසින්......
(රළ හඬ අසා සිතන්නේ කෙසේ
ගැඹරේ ඇති කැළඹුම්
ගඟ දෙස බලා කියන්නේ කෙසේ
නදියේ ඇති වැලපුම්.......//)
සිනාසෙන නිසාදෝ........
(සැඩ නැති නමුත් සුළං හමනා
සිහිලැල් සුව නැතිනම්
පල නැති ගසින් මුවත් සැනසෙම්
සෙවණක් වත් නැත්නම්....//)
සිනාසෙන නිසාදෝ........