සිනහ කෝ දැන් හීනයේsinaha koo dhaen hiinayee

Sinaha Ko Dan Hinaye

Music:
ක්‍රිෂාන් ප්‍රනාන්දුkrishaan pranaandhu

Lyrics

සිනහ කෝ දැන් හීනයේ
ගං තෙරේ මා පාළුවේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .

තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .

විහඟ ගීවැල් රැව් දිදී
දවයි මා මේ තනිකමේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .

හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ . . .

පැතුම මාගේ තුන්හිතේ
මා ඔබේ මා හීනයේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .

අවදි කරව මතකය ඔබේ
කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ . . .

තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.