සිනා තොටක් වියsinaa thotak wiya

Sina Thotak Wiya

Lyrics:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

Lyrics

(සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම් 
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබ ගෙන් මං.....//)

බෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

සිනා තොටක් විය......
‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබ ගෙන් මං

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.