සිනා දොළක් වන්sinaa dholak wan

Sina Dolak Wan

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

(සිනා දොළක් වන් සිනාමලී
මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී
බලා උන්නෙ එනතුරු පෙර වාගේ 
ඇයි පිට පාරෙම අද...//)

පෙරට වඩා අද හැඩකාරයි ආඩම්බර පාටයි
නාඳුනනා ලෙස කෝළ බැළුම් නෙත
නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ 
ඇයි හිනා නැතුව අද

සිනා දොළක් වන් සිනාමලී....

වදුලු පුරා දං හිඹටු සොයා 
කෙළිදෙලන් නිදැල්ලේ
දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය
නූඹේ ලපටි සිත දෙගුරුන් අවුල් කලාදෝ
ඇයි කතා නැතුව අද

සිනා දොළක් වන් සිනාමලී....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.