Lyrics
චිත්‍රපටය: සසරක හැටි (1964)
(සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා....//)
යෞවන කාලේ ජීවන ඉලේ
පැද්දෙන තාලේ පවසයි ආලේ........
මල් පිබිදීලා සුළඟේ නටන්නේ
චූටි කුරුල්ලෝ මොටද සොයන්නේ
රස හැදෙනා තැන් දනිති සියල්ලෝ
මල් පැණි බොන්නේ නැද්ද කුරුල්ලෝ
(ඇත්ත තමයි සහතිකමයි
උන් පැණි බොනවාලු........//)
සිලි සිලියේ.......
සිසිලැති ගංගා ගලා බසින්නේ
එය නැත ඉවුරේ වැද නවතින්නේ
පෙම්රස ඉදි කරමින් මෝදු
දිය කඳ දෙනවා ඉවුරට හාදු
(ඇත්ත තමයි සහතිකමයි
නැත්තේ මොකද යාළු........//)
සිලි සිලියේ.......