සිකුරුලියාsikuruliyaa

Sikuruliya

Music:
සත්‍යජිත් ලියනගේsathyajith liyanagee
Lyrics:
සංජක ප්‍රසාද් දොලේවත්තsanjaka prasaadh dholeewaththa

Lyrics

අපි යන්නේ කොහේද කවුරුත් දන් නෑ
ඉන්න තැනක් කිව්වේත් නෑ
මඟ වැරදිලා හිත නැවතිලා
මියදෙන්න කලින්
(සිකුරුලියා අපිව දමා යන්න ගියා.....//)
.
සංසාර ගමන ඉවරත්  නෑ
මායාව මිසක කිසිවක් නෑ
තරහක් නෑ යාලුත් නෑ
කියන්න කලියෙන්
(සිකුරුලියා අපිව දමා යන්න ගියා.....//)
.
ආදරේ පිළිගන්නෑ ජිවිතේ රස විඳ නෑ
හෙට ගැන සිත සිතා අද ලතැවෙන නියා
දකින්න කලියෙන්
(සිකුරුලියා අපිව දමා යන්න ගියා....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.