සිහිවේ නිතරම සුකුමල දිගැසියsihiwee nitharama sukumala dhigaesiya

Sihiwe Nitharama Sukumala Digasiya

Lyrics

සිහිවේ නිතරම සුකුමල දිගැසිය
ලතැවේ සැමදින සිහිකර ඔබෙ වත
නිහඬව ඉන්නේ ඇයි මගෙ ප්‍රියකත
බහ දෙනු මැන මට පෙම්බර යුවතිය...

ආල වඩන රස කතා කියන්නේ
මගේ සවන ඒ කතා අසන්නේ
සොම්නස මගෙ සිත එක්තැන් වන්නේ
සිහිවේ සිහිවේ බඹරිඳු මාගේ...

අසනුය මගෙ බස සවන් යොමාගෙන
පවසමි හදෙ තෙරපෙන දුක් දොම්නස
ඔබ වෙනුවෙන් වෙන්වී ඇත හදවත
පවසනු මැන මා ගැන ඔබෙ අදහස...

සිහින විමානයෙ සිහින දකින්නයි
කුමාරිකාවක් ඔබට ලැබෙන්නයි
මා පැතු මගෙ කුමරා හා යන්නයි
මගේ පැතුම ඒ කුමරු ලබන්නයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.