සිහිවටනsihiwatana

Sihiwatana

Music:
දීලුම් තේජනdhiilum theejana
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

සිහිවටන මට මදි හින්දා ඇස් පුරා මා නුඹ වින්දා
නුඹ මාගේ උරුමයයි පිංබරී…
වලගැසුන කම්මුල් හින්දා පිං පාට මූණෙන් පේනා 
නුඹ මාගේ ප්‍රාණයයි පිංබරී…

(සංසාර ගීතේ ගී පදවැල් ගෙතු ඔයා
හද ගැඹුරේ කොනක සැගවී කිති කැව්වාරෑ පුරා…//)

නුඹ දුටුව මුල් දින ඉඳලා මගේ හීන මට නැති වෙනවා
හිත ගිලන් වූවා ආදරෙන් මා ළඟට වී නුඹ ඉන්නා
හැමදාම හරි කෙටි වෙනවා තව ඉන්න ආසයි පිංබරී…

සංසාර ගීතේ…//

හැමදාම කවුරුද එනවා මා ළඟට වී නිදියනවා
නුඹේ සුවඳ දැනුනා ආදරේ දුන් හාදු යහනේ තවරා
නුඹ කියා යලි සිප ගත්තා මට මාව නැති වුනා පිංබරී...

සංසාර ගීතේ…////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.