සිහිනෙන් පවාsihinen pawaa

Sihinen Pawa

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

සිහිනෙන් පවා ආවේ සොයා 
ගැහෙන හුස්මත් හඳුනන නිසා
එළිවෙන තුරා දුක අඳුරට තියා 
හොයමි ඔබ කොතැනද කියා
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......

දරන්න බැරි දුක් කඳුළු පුරෝගෙන
හිනාවෙන්න මට කියන ඔයා
හිතන්න පැතුමන් ඉතුරු කළා
හිත ආදරයේ මුල් අකුර වෙලා එදා
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......

හැංඟෙමු අපි අපේ ලෝකෙම තනියම
බලා ඉන්නේ නෙත් දහක් වසා
රකින්න සෙනෙහස සුවඳේ සැමරුම
නොමැකෙන සේ හදවතේ ලියා......

සිහිනෙන් පවා......
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.