සිහිනෙකින්වත් සිතුවේ නෑsihinekinwath sithuwee nae

Sihinekinwath Sithuwe Na

Lyrics

සිහිනෙකින්වත් සිතුවේ නෑ ඔබ එයි කියා කවදාවත්
නොසිතු දේමයි සිදුවුණේ සැමදා

රිදුනු මා සිත පීරුනේ නෑ වෛරයෙන් කවදාකවත්
යලි මා හැර යන්නෙපා කිසිදා

හසරැල් මුව නැගුනේ නෑ පෙපම් වදන් කන වැකුණේ නෑ
මගෙන් ඔබ වෙන්ව සිටි ඒ යුගයේ .... යුගයේ

සිහිනෙකින්වත් .......

හිරු දිලුන ද දන්නේ නෑ මල් පිපුන ද දැක්කේ නෑ
මගෙන් ඔබ වෙන්ව සිටි ඒ යුගයේ ... යුගයේ

සිහිනෙකින්වත් .....

මා වෙනතක බැඳුණේ නෑ පැතුවේ ඔබවමයි සැමදාමත්
ඉතින් හැර යන්නෙපා යළි කිසිදා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.