සිහිනේsihinee

Sihine

Music:
උදාර ප්‍රනාන්දුudhaara pranaandhu
Lyrics:
හේමසිරි හල්පිටheemasiri halpita

Lyrics

සිහිනේ සිඹිනා රෑ සෙනේහේ සරසන්නෙමි
ඒ වැසි මතකයේ ළං වී සුහද වී සීතලේ ආදරී 
සෙනේහේ සිඹිනා රෑ සිහිනෙන් සරසන්නෙමි
ඔබ ළඟ ප්‍රේමයේ හිනැහී සතුටු වී
ළං වෙමි ආදරේ.......

රෑට තරු පාට මාල සාදවා 
ඔබ ඉන්න මා සිත ගාවින්
මේ වැසි සීතල වේවි රෑ පුරා 
තරු අහස තුළ සැඟවී.......

කාටත් හොර රහසේ යාවී හැංඟිලා 
සැඟවෙන්නේ රෑ ගෙවෙනා පැයේ 
ඒ සිහන ගොමුවේ මතක සාදමින් රෑ සිතලේ නැහැවී......
 
(මේ සීතල නිම්නයේ ප්‍රේමයේ සඳ නැගෙනා
රෑ සනසන සිහිනයේ සුවඳ දේ ආදරේ........//)
   

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.