සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනාsihinayee paawelaa aewith maa langin saethapunaa

Sihinaye Pawela Awith

Lyrics

සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා
මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුනා
සීතලේ හදට ලං වෙලා රහසකුත් කොදුරලා
ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා

මිහිරාවියේ....සිහින කුමරි 
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා
ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා
පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විදලා
සමනල්ලු මල් රොන් සලා පියඹලා දුර ගියා

මිහිරාවියේ...

සිහිනයෙන් අවදි වේ ඉතින් මා ඔබව සෙව්වා
ඔබ සිටියේ නෑ මා ළඟින් ආයෙ මා තනිවෙලා
සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ
ආයෙමත් එන්නෙ මා සොයා සිහිනයෙන් විතරදෝ

මිහිරාවියේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.