සිහිනයේ මල් සිහිනයේsihinayee mal sihinayee

Sihinaye Mal Sihinaye

Lyrics

සිහිනයේ මල් සිහිනයේ - ඔය දෑස කී ගී සිහිනයේ
ආදරේ මං ආදරේ - සිත ඔබටමයි හැර ආදරේ...//

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...

ආදරේ හ්ම්....හ්ම්...
ආදරේ හ්ම්....හ්ම්...
ආදරේ...
සිත ඔබටමයි හැර ආදරේ....

සිහිනයේ මල් සිහිනයේ...

දෑසින් ගෙනා ඒ මල් හිනා..
දෑසින් කියා ඒ ගී කතා..
සිත්වල නෙත්වල ගී වල ලියැවුන ඒ පෙම් කතා..
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා...//

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...

සිහිනෙන් ඇවිත් ඔයා ලංවෙලා
සිහිනේ වෙලී මං ඔබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුඹේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුඹේ වෙලා..//

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.