සිහිනයේ මල් පිපී සඳ තරු පිරි අහසේ හි වියනක් ලෙසින්sihinayee mal pipii sanda tharu piri ahasee hi wiyanak lesin

Sihinaye Mal Pipi Sandatharu Piri Ahasehi Wiyanak Lese

Lyrics

සිහිනයේ මල් පිපී
සඳ තරු පිරි අහසේ හි
වියනක් ලෙසින්

පුබුදින කුසුමක සුවඳ උරා
හදවත පුබුදයි උදය හවා
ජීවිතයේ හැම සුසුම පවා
ඔබ වෙනුවෙන් උණුසුම්ව ගියා
මිහිරේ ඔබගේ පැතුමයි පැතුවේ

දේදුන්නක් ආකාසේ පායා
ඔබ රුව මට සිහි ගන්වනවා
සිහිලැල් සුවඳක මුසුව හමා
ඔබ සුවඳින් හද සැනසෙනවා
කඳුළේ එළියයි හද මා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.