Lyrics
නුඹ ගැන හිතෙන තරම්
මතකෙට නැගෙන තරම්
මේ ඇස් කඳුළු වලට හුරු වෙලා අද
මම පෙම් කරපු තරම්
මට පෙම් කෙරුවා නම්
ඔය ඇස් අහක බලාගත්තෙ කොහොමද
ලොවේ නෑ - වෙන කවුරුත් උන්නේ
නුඹ වාගේ මැවුනේ
මට නම් කිසි දවසේ
සිහිනයකී - නුඹ හැමදාමත් හිත සැරසූ
තුරුලේ දැවටී මා සැනසූ
පුදුමයකී - මට කවදාවත් නොරිදවපූ
නුඹගේ හිත ඇයි දැන් අමුතූ
අහිංසක හිනාවේ - නුඹගේම බැල්මේ
හිත නතර වුනෙ අතැර යන්නට නොවේ
පුරුද්ද මත සසරේ - අපි අපිට ආයේ
මුණගැහුන බව දැනුන මා රැවටුනේ
ලොවේ නෑ - වෙන කවුරුත් උන්නේ
නුඹ වාගේ මැවුනේ
මට නම් කිසි දවසේ
සිහිනයකී - නුඹ හැමදාමත්....
වසන්තය නිමාවේ - යලි යලි උදාවේ
ඔය හිතට නව හීන එලෙසින් ලැබේ
නුඹෙන් බිඳුණ මාගේ - මේ හිතට ආයේ
සුව ගේන ඔසු කුමට ඉමි තනිකමේ
ලොවේ නෑ - වෙන කවුරුත් උන්නේ
නුඹ වාගේ මැවුනේ
මට නම් කිසි දවසේ
සිහිනයකී - නුඹ හැමදාමත්....