Lyrics
සිහිනයක්ද මේ නපුරු දකින්නේ ඇහෙන්නේ
මිනිසත්කම් ඇයි මේ වියැකිලා
ලක් මව කම්පා වෙලා යන්නේ දරුවන් සිත් පෙලා
ඇයි මේ මිනිසුන් තිරිසන් වෙලා
ඇයි මේ සිත් දූෂිත වෙලා.....
මේ ලෝකෙම උතුම් රට ලංකාව
බැඳි සිත් ගුණ දම් පිරි ජනතාව
සිටි රටේ ඇයි දැන් ළමා හිංසාව
ගැන ඇහෙන කොට දැනෙයි දුක සංකාව
අද ඇසෙයි හැමතැන අඳෝනාව
දුක ශෝකය වෛරය වේදනාව
දෙන්නේ ඇයි පොඩි මල් වලට
හය හතරවත් නොතේරෙන මේ සිත් වලට.......
දැක්කම පුංචි මල් සිනා ඇගේ
පහල වෙනවද දූෂිත සිතුවිලි සිතේ
ඇයිද මිනිසුනි මෙතරම් කුරිරු වුණේ
මත්පැන් මත්කුඩු බීලාද මිනිසුන්
මෙතරම් විකෘති වුණේ
පරව ගියද එක් මල් කැකුළක් සදහට
රැකගනිමු දහසක් දරුවන් අනාගතයට
මෙවැනි පාපකර්ම කරනා මේ මිනිසුන්හට
ලැබේවි කර්මයෙන්ම දඬුවම්......
සිහිනයක්ද මේ........
විකසිත වන මේ කැනුළු මල් සිනා
හඬ පැතිරෙයි මියුරු නද වගේ වීණා
ඒ හඬ දිගේ එයි මරුවා වී සිනා
සිහියෙන් සිටිය යුතුය අප සැමදෙනා
එදා වගේ නොවෙයි අද මෙදා
දූෂණ අපචාර වේවි දිනපතා
ඇයිද මිනිසුනේ ඔබ ඉන්නේ නිදා
එරෙහිව නැගිට සිටිය යුතුය මේ ගැන සිතා......
බාල තරුණ සියලු කතුන් කමාතුර ගොදුරු වෙලා
ඇයි ද සිතනු බැරිය නුඹත් මවි කිරි බිවූ පුතෙක් කියා
දූෂණ මිනිමැරුම් කරලා ඔබට ලැබුණේ කුමක් කියා
සිතුවා නම් මුලදිම ඔබ නෑ සිිටින්නේ විඳව හඬා
ගුණ දහමින් පිරි මේ ශ්‍රී ලංකාව
කෙලෙසද කෙලසන්නේ නොවී බිය සංකාව
ඇහුවා නම් බණ දහම රැක්කා නම් සාරධර්ම
ඉඳි නුඹත් මනුස්සයින් අතර නොවී හිංසාව......
සිහිනයක්ද මේ........//