සිහිනයක් සේ මතු වෙමින් sihinayak see mathu wemin

Sihinayak Se Mathu Wemin

Lyrics

සිහිනයක් සේ මතු වෙමින් මතක අවදි කරනා
කඳුළැල්ලක් සේ ගැවසෙමින් දුක ලොවට කියනා
වියෝ දුකකි මේ .... මා හදවත දවනා

අඳුරු අහසට පුරහඳ සැපයක් මැයි
වියළි කතරට වැහි පොද සැනසුම් දෙයි
පවිටු දනන් අතරේ
නුඹ මට බැස ගිය සරා සඳයි

එකම මගගක සසර චාරිකාවේ
ගිය දුර ගමන් සතුටක් මැයි
නොඑන ගමන් ගිය පිය මිතුරේ
ඉරබටු තරුවක් විය මා සිත් අහසේ

සිහිනයක් සේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.