සිහිනයක් මැවුනාsihinayak maewunaa

Sihinayak Mawna

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

සිහිනයක් මැවුනා
කාලයක් ගෙවුනා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා

පින්නේ පිනි සුළගේ
නිල්ලේ නිල් නෙතඟේ
රංචු වෙන සුසුමේ
දැනුනු පෙම් හැඟුමේ

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ....//

සිහිනයක් මැවුනා....

යහන මත වැතිරී මවන පෙම් සිහිනේ
දැනෙන සුව ඉතිරී හැඟෙන මේ රහසේ
(සෙනෙහස ලබන්නයි
හැඟුමන් විඳින්නයි)..//
පතන්නේ මා මේ මිහිතලේ

දැහැන මත ඇතිරී දැනෙන සුව සහනේ 
අහස දුර විසිරී මැවන රෑ තරුසේ
(සෙනෙහස ලබන්නයි
හැඟුමන් විඳින්නයි)..//
පතන්නේ මා මේ මිහිතලේ

සිහිනයක් මැවුනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.