සිහිනයක්sihinayak

Sihinayak

Lyrics

රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞව්වනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ //

රැය පහන් කලා..

මා සුන්දර සිහිනයක් මැව්වා///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.