සිහින පැතුම් විමනේsihina paethum wimanee

Sihina Pathum Wimane

Lyrics

සිහින පැතුම් විමනේ
රස මිහිර ‍ගෙනා පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ..//

දෑසයි කුඩා ඔබගේ
ලපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුණේ..

සිහින පැතුම් විමනේ...

මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා
මව්බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
දිරිගත යුතුයි පුතුනේ

සිහින පැතුම් විමනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.