Lyrics
සිහින පාරාදීසයේ
සිටි එදා මා පාළුවේ
ඔබයි මාගේ දෑස වාගේ
යාවුනේ රෑ දිවා ..... ජීවිතේ සෑමදා
මාරැතේ සැලී නොයේ ආදරේ අමා සුවේ
ලෝකයේ චෝදනා නෑසෙනා තුරා
සිත පාළුවේ නොතබා මගේ ජීවිතේ මාවතේ
තාරුකා වගේ නෑ නිවීගියේ චේතනා හදේ
ආදරේ ජීවිතේ උතුම්ම වස්තුවයි එය කොයිතරම් සුන්දරද
අපි ඈතට පාවෙලා ගිහින් විඳිමු ආදරේ මිහිර
සිහින පාරාදීසයේ ....
සාගරේ හැපී බිඳී ඈත පාවුණා රැළී
ඒ වගේ ආදරේ නෑ බිඳී මගේ
සරනා තුරා නොසැලී සදා මා පැතු ආදරේ
මා ඔබේම වී වාසනා ගෙනේ සෑමදා ලොවේ
සිහින පාරාදීසයේ ....