සිහින අසපුවේsihina asapuwee

Sihina Asapuwe

Lyrics

සිහින අසපුවේ ඔබ හා මා
බැඳී සිටින්නම් තුරුළුවෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවෙන්නම්
තරු රෑනේ තනි තරුවේ
සිතිජ ඉමේ රැදෙනු බැරී

රුවට මුලාවී සිතට වහල් වී
ඔබ පතනා ආදරය නොවේ
මෙලෙස කියන්නට මසිත යෙදී
ඔබ හඳුනා ගනු බැරිව නිත
පිවිතුරු සෙනෙහස මා දනිමි

සිහින අසපුවේ ....

සැම සිතුවිල්ලක ඔබ පැටලී
නිමක් නොවේ ඔබ හද රිද්මේ
සොඳුරු ලොවක හමුවන්න පෙරුම්
ගතින් සිතින් එක්වෙන්ද ඉතින්
හඳුනා ගනු බෑ දෙනෙත අපේ

සිහින අසපුවේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.